දේශීය

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාගයට දින නියම වෙයි

(UTV | කොළඹ) –  මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ විභාගය සැප්තැම්බර් මස 02 වනදා ආරම්භ කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (09) නියෝග කළහ.

මෙම නඩුව කැඳවනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ල හමුවේයි.
මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කියා සිටියේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකාරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් පළමුව සාක්ෂි ලබා ගනිමින් නඩු විභාගය ආරම්භ කිරීමට නියමිත බවයි.
එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය ඇතුළු චෝදනා 17 ක් යටතේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් ෂම්මි අර්ජුන් කුමාරරත්න ඇතුළු 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කරනු ලැබීය.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

කොවැක්ස් පළමු එන්නත් තොගය මේ මස 7 වනදා දිවයිනට

Mohamed Dilsad

වාහන මිල ට මොනවා වෙයිද…?

Editor O

Leave a Comment