දේශීය

බස්රථ සදහා Prepaid Travel Card පතක්

(UTV | කොළඹ) –  ලංගම හා පුද්ගලික මගී ප්‍රවාහන බස්රථ සදහා ජූලි මස අවසානයේ සිට පෙර ගෙවුම් ගමන් කාඩ්පතක් හදුන්වා දීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය කටයුතු සලසා ඇත.

දැනට පවතින කොවිඩ් 19 නිසා මුදල් පරිහරණයේදී එම වෛරසය මුදල් මගින් මහජනතාව අතර පැතිරීමට ඇති ඉඩකඩ හේතුවෙන් විශේෂයෙන් මගී ප්‍රවාහනයේදී ඉන් සිදුවිය හැකි බලපෑම වැඩි බව පෙනීගොස් ඇත.

එනිසා මෙම පෙරගෙවුම් ගමන් කාඩ්පත කඩිනමින් හදුන්වා දීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.

එමෙන්ම මෙම කාඩ්පත දුම්රිය ගමනාගමනය සදහාද යොදාගැනීමට අපේක්ෂා කරන බව කී අමාත්‍යවරයා මෙම පෙරගෙවුම් ගමන් කාඩ්පත හදුන්වාදීමෙන් පසුව ලංගම බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් හට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වැටුපට අමතරව මාසික දීමනාවක් ද ලබාදීමට පියවර ගන්නා ලෙසත් උපදෙස් දෙනු ලැබීය.

පුද්ගලික බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට ද වැටුපට අමතරව දීමනාවක් ලබාදීම සම්බන්ධව පුද්ගලික බස්රථ හිමියන් සමග සාකච්ඡා කරන ලෙස ද ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයාට දැනුම්දී ඇත.

මෙම Travel Card පත සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර , ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට කියා සිටියේ ජූලි මාසයේ අවසන් සතිය වන විට මෙම කාඩ්පත අපරටේ මගීන්ගේ පරිහරණය සදහා හදුන්වාදීමට සූදානම් බවයි.

 

Related posts

මධ්‍යස්ථාන 41 ක පුද්ගලයින් රැසක් තවදුරටත් නිරෝධායනයේ

Mohamed Dilsad

කොරෝනා නිසා ත්‍රීරෝධ රථ රියැදුරන් දැඩි පීඩාවට

Mohamed Dilsad

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් පිරිසකටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment