දේශීය

කොවැක්ස් පළමු එන්නත් තොගය මේ මස 7 වනදා දිවයිනට

(UTV | කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලැබෙන කොරෝනා එන්නත් තොගයේ පළමු කොටස මේ මස 07 වනදා වනවිට ලැබීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩි රෝග පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය මේ බව කියා සිටියේ පුත්තලම ප්‍රදේශයේ ඊයේ (02) පැවති උත්සවයකට එක්වෙමින්.

මේ අතර , ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 318 දෙනා අතුරින් වැඩිම පිරිසක් සටහන්වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම සංඛ්‍යාව 72 ක්. මීට අමතරව කොළඹින් 63 ක් , ගම්පහින් 57 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 29 ක් ආදී ලෙස ආසාදිතයන් වාර්තා වී ඇත.

 

 

Related posts

රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතා පා ගමනක

Mohamed Dilsad

සමැන්තා සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

රාජකාරී වල සිටින පොලිස් නිලධාරීන් PCR පරීක්ෂාවට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment