ව්‍යාපාරික

කරාබුනැටි ගොවීන් තම වගාවන් අතහැර දමන තත්ත්වයකට

(UTV | කොළඹ) – මෙරටට ඉහළ විදේශ විනිමයක් ගෙන දෙන කුළු බඩු අතර කරාබුනැටිවලට සුවිශේෂ ස්ථානයක් හිමිවෙයි.

නමුත් මේ වන විට කරාබුනැටි සඳහා නිසි මිළක් නොමැති වීම හේතුවෙන් එම ගොවීන් තම වගාවන් අතහැර දමන තත්ත්වයකට පත්ව ඇත.

කොවිඩ් වසංගතය පැමිණි මුල් කාලයේ මෙරට කුළු බඩු අපනයනයෙන් පෙර වසරවලට වඩා වැඩි ආදායමක් ලබා ගත් බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් මේ වන විට කරාබු නැටි සඳහා පවතින මිල පහළ ගොස් තිබේ.

ගොවීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ රටට වැඩි විදේශ විනිමයක් සපයන කරාබුනැටි ගොවියන්ගේ මෙම ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා නිසි විසඳුමක් ලබා දෙන ලෙසයි.

 

Related posts

ඛාණ්ඩ 2 ක් යටතේ භාණ්ඩගාර බැඳුම්කර නිකුතුවක් සිදු කෙරේ

Mohamed Dilsad

නව කර්මාන්ත ඇරඹීමට ආයෝජකයින් 150 කගෙන් ඉල්ලීම්

Mohamed Dilsad

කුකුළු නිෂ්පාදන ක්ෂේත්‍රයේ 2018 සම්මන්ත්‍රණය අද ඌව වෙල්ලස්ස සරසවියේදී

Mohamed Dilsad

Leave a Comment