දේශීය

කංජිපානි ඉම්රාන්ගේ කුටියේ තිබී උපකරණ කීපයක් සොයා ගනී

(UTV | කෝවිඩ්-19) – බූස්ස බන්ධනාගාර කඳවුරේ සිදුකළ විශේෂ සෝදිසියක දී කංජිපානි ඉම්රාන් නමැති රැදවියාගේ සිරකුටියේ තිබී දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ.

ඊයේ(06) පස්වරුවේ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් මෙම සෝදිසි කිරීම සිදුකර ඇති බවට වාර්තා වෙයි.

එහිදී කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ සිවිලිමේ සූක්ෂම ලෙස සඟවා තිබූ දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

මෙලෙස එම ස්ථානයේ තිබී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, සාමාන්‍ය දුරකථනයක්, සිම් කාඩ්පත් දෙකක්, දුරකථන චාජරයක් සහ හෑන්ඩ්ෆී උපකරණයක් සොයා ගෙන තිබේ.

Related posts

මැතිවරණයක් ජයගන්න බැරි ඇතැම් කණ්ඩායම් රට අස්ථාවර කිරීමට කටයුතු කරනවා – වජිර අබේවර්ධන (පා.ම.)

Editor O

“තමන් සහ තම බිරිඳ සම්පූර්ණයෙන් නිර්දෝෂී” : තිරු නඩේෂන්ගෙන් ජනපතිට ලියුමක්

Mohamed Dilsad

සර්ව පාක්ෂික සමුළුවේදී බැසිල් – අනිල් අතර උණුසුම් වචන හුවමාරුවක්

Mohamed Dilsad

Leave a Comment