දේශීය

කංජිපානි ඉම්රාන්ගේ කුටියේ තිබී උපකරණ කීපයක් සොයා ගනී

(UTV | කෝවිඩ්-19) – බූස්ස බන්ධනාගාර කඳවුරේ සිදුකළ විශේෂ සෝදිසියක දී කංජිපානි ඉම්රාන් නමැති රැදවියාගේ සිරකුටියේ තිබී දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ.

ඊයේ(06) පස්වරුවේ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් මෙම සෝදිසි කිරීම සිදුකර ඇති බවට වාර්තා වෙයි.

එහිදී කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ සිවිලිමේ සූක්ෂම ලෙස සඟවා තිබූ දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

මෙලෙස එම ස්ථානයේ තිබී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, සාමාන්‍ය දුරකථනයක්, සිම් කාඩ්පත් දෙකක්, දුරකථන චාජරයක් සහ හෑන්ඩ්ෆී උපකරණයක් සොයා ගෙන තිබේ.

Related posts

රිය අනතුරකින් හමුදා සෙබළෙකු මරුට

Mohamed Dilsad

අලුත් ජාතික හැදුනුම්පතක් අලුත් මිලකට

Mohamed Dilsad

කෝප් – කෝපා කමිටු පළමු වරට අද රැස් වෙයි

Mohamed Dilsad

Leave a Comment