Trending Newsඑසැන පුවත්දේශීය

මහනුවර, කුළුගම්මන අනතුරක්: 37 දෙනෙක් රෝහල් ගත කරයි.

වෙසක් සිරි නැරඹීමට ගිය පිරිසක් රැගත් බස් රථයක් මහනුවර, කුළුගම්මන ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අනතුරකට ලක්වීමෙන් 37 දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි. තුවාල ලැබූවන්ගෙන් 28 දෙනෙකු මහනුවර මහ රෝහලේත් තවත් 6 දෙනෙකු පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේත් තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රෝහල් බලධාරීන් සඳහන් කළේ.

මහනුවර යටිහලගල කුළුගම්මන වංගු සහිත මාර්ගයකදී ඊයේ (12) රාත්‍රි 10ට පමණ අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි. කුරුණෑගල, ගල්ගමුව, ඇහැටුවැව ප්‍රදේශයන්හි පිරිසක් මහනුවර දළදා මාළිගාව ඇතුළු විහාරස්ථාන කිහිපයක් වැදපුදා ගැනීමෙන් අනතුරුව යළිත් ගල්ගමුව බලා යමින් සිටිදී අනතුර සිදුව ඇත.

ඉතා කෙටි වංගු සහිත මාර්ගයේ බස් රථය ධාවනය කිරීමේදී හදිසියේ ඇති වූ තිරිංගවල දෝෂයක් හේතුවෙන් මේ අනතුර සිදුව ඇති බව මේ වනවිට සිදුකර ඇති මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇති බව අලදෙණිය පොලිසිය සඳහන් කළේය. සිද්ධියෙන් තුවාල ලැබූවන් කඩිනමින් ප්‍රතිකාර සඳහා තිත්තපජ්ජල රජයේ රෝහලට, පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට හා මහනුවර ජාතික රෝහලටත් ඇතුළත් කෙරුණා.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවන්ද සිටින බව සඳහන්. රෝහල් බලධාරියෙකු සඳහන් කළේ තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල නොවන බවයි.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ ඉතා කෙටි වංගු සහිත මෙම මාර්ගයේ වාහන ධාවනයේදී සැලකිලිමත් විය යුතු බවට අනතුරු ඇඟවීමේ පුවරු සවිකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් එය මෙතෙක් ඉටුවී නොමැති බවයි.

බස් රථයේ රියදුරාද මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුර සම්බන්ධයෙන් අලදෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

‘සියලූම රටවල් සමඟ සහයෝගීතාවය ගොඩනගා ගැනීම තුළින් වේගවත් ආර්ථික ප‍්‍රගතියක්’ජනපති

Mohamed Dilsad

தேவதையாக காட்சியளித்த தீபிகா படுகோன்…

Mohamed Dilsad

SAITM Protest: NPC calls report on Health Ministry unrest

Mohamed Dilsad

Leave a Comment