Trending News

‘සියලූම රටවල් සමඟ සහයෝගීතාවය ගොඩනගා ගැනීම තුළින් වේගවත් ආර්ථික ප‍්‍රගතියක්’ජනපති

(උදයම්,කොළඹ) – තම රජයේ ප‍්‍රතිපත්තිය සියලූම රටවල් සමග මිත‍්‍රත්වය සහ සහයෝගීතාවය ගොඩනගා ගැනීම තුළින් ආර්ථික ප‍්‍රගතිය වේගවත් කර ගැනීම බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින ඇමෙරිකා කොංග‍්‍රස් මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබද අධීක්ෂණ සභාපති Bob Goodlatte මහතා ඇතුළු ඇමෙරිකා කොංග‍්‍රස් මණ්ඩලයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී හමු වූ අවස්ථාවේදී ය.

ඇමෙරිකා කොංග‍්‍රස් මණ්ඩලයේ සාමාජිකයින් වැඩි සංඛ්‍යාවක් දිවයිනට පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.පසුගිය දෙවසර තුළ සම්මුතිවාදී රජයේ ගමන් මග සහ එහි සාර්ථකත්වය මෙහිදී ඇගයීමට ලක් කළ ඇමෙරිකා කොංග‍්‍රස් මණ්ඩල සාමාජිකයින් අද ශී‍්‍ර ලංකාවේ සංහිදියා පිළිවෙතත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමේ වැඩපිළිවෙළ සහ ආර්ථික ප‍්‍රතිපත්තීන් ද ඇගයිමට ලක් කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශී‍්‍ර ලංකාව අතර ද්වි පාර්ශවික සබදතා තර කර ගැනීම පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡුාවට ලක් වූ අතර ශී‍්‍ර ලංකාවේ නව සංවර්ධන වැඩපිළිවෙළ සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සදහන් කළේය.

නැවත රට තුළ යුද්ධයක් ඇතිවීම වළක්වමින් රට තුළ ගෙන යන සංහිදියා වැඩපිළිවෙළ පිළිබදව මෙහිදී නියෝජිත පිරිස දැනුවත් කළ ජනාධිපතිවරයා වත්මන් රජයේ ප‍්‍රධාන අරමුණු වන්නේ රට තුළ සංහිදියාව ශක්තිමත් කිරීම, ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතින් සුරක්ෂිත කිරීම මෙන්ම ආර්ථික සමෘද්ධිය ඇති කරමින් සියලූ ජනතාවගේ ජන ජීවිත නගා සිටුවීම බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකාව භූගෝලීය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක පිහිටා ඇති බැවින් නෞකා ගමනාගමනය පිළිබද පමණක් නොව ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද මෙහෙවරක් ඇති බව මෙහිදී පැවසූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකාව සුවිශාල විදේශ ආයෝජන ගිවිසුම් ඇති කර ගැනීමේදී ජාතික ආරක්ෂාව මෙන්ම කලාපීය ආරක්ෂාව පිළිබදවද අවධානයෙන් කටයුතු කරන බව සදහන් කළේය.

ශී‍්‍ර ලංකාවේ හමුදා නිළධාරින් සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලබාදෙන පුහුණු අවස්ථා පසුගිය කාලය තුළ ඇනහිට තිබුණද යළි එම අවස්ථාවන් උදාකර දීම පිළිබද මෙහිදී සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා විශේෂයෙන් නාවික ශිල්පීන් සදහා පුහුණු අවස්ථා ඉහළ නංවා දෙන ලෙස ද ඉල්ලීමක් සිදු කළේය.ශී‍්‍ර ලංකාවට පැමිණිමට ලැබූ අවස්ථාව වැදගත් අවස්ථාවක් බව මෙහිදී සදහන් කළ කොංග‍්‍රස් මණ්ඩල සාමාජිකයින් ඇමෙරිකා සංචාරයක් අතරතුරදී කොංග‍්‍රස් මණ්ඩලය වෙත ද පැමිණෙන ලෙස ද ජනාධිපතිවරයා වෙත ආරාධනා කළේය.

Related posts

DIG NALAKA LEAVES THE GOVERNMENT ANALYST OFFICE WITHOUT FACING THE MEDIA; ANOTHER COMPLAINT TO THE CID

Mohamed Dilsad

Peter Fonda, star of Easy Rider, dies aged 79

Mohamed Dilsad

காலி மாநகர சபையின் புதிய மேயராக பிரியந்த சகாபந்து தெரிவு

Mohamed Dilsad

Leave a Comment