Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්දු-පකිස්ථාන ගැටුම්කාරීත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම් පිළිබඳ සාකච්ඡාවක්

ඉන්දීයාව හා පකිස්ථානය අතර මේ වනවිට ඇතිවී ඇති ගැටුම්කාරීත්වය සහ ඉදිරියේ දී ඇතිවිය හැකි ලෝක දේශපාලන තත්ත්වයන් අනුව, ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන්තොටුපොළට එල්ල විය හැකි බලපෑම පිළිබඳව අවධානම යොමු කර තිබේ. ප්‍රවාහන ,මහමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී එම කරුණු අනාවරණය විය.

ඉන්දු – පකිස්ථාන අර්බුදය නිසා වරායට අමතර නැව් පැමිණීමට ඉල්ලීම් පවතින අතර ඒවා කාර්යක්ෂමව මෙහෙයුම් කටයුතු සිදු කිරීමටත් දැනට සිදුවන මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නොවී එම කටයුතු සිදුකිරීමට ඇති හැකියාව සහ යෝජනා සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

වරාය මෙන්ම ගුවන්තොටුපොළ ද ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට සූදානමින් පවත්වා ගතයුතු බවට අවධාරණය කළ අමාත්‍යවරයා ලෝක දේශපාලන තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දෙමින් එය අවස්ථාවක් කර ගනිමින් කාර්යක්ෂම ව වරාය සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් කිරීම පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.

වරාය අධිකාරියේ නිලධාරීන්,ගුවන්තොටුපල නිලධාරීන්, කොළඹ , හම්බන්තොට වරායන්වල පර්යන්ත භාර නිළධාරීන්, නැව් සමාගම් නියෝජිතයින් සහ රේගු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

ரூக்காந்த உட்பட ஐக்கிய தேசிய கட்சிக்கான தொகுதி அமைப்பாளர்கள் சிலர் இன்றைய தினம் நியமனம்

Mohamed Dilsad

மே 8 ஆம் திகதி தொடக்கம் மே 14 ஆம் திகதி வரை தேசிய டெங்கு ஒழிப்பு வாரம்

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 46,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment