Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව තීරණාත්මක සාකච්ඡාවක් ඉදිරි සතියේදී – ශ්‍රීලපොජපෙ ලේකම් සාගර කාරියවසම්

විපක්ෂ කණ්ඩායම්වලට වැඩි බලයක් හිමි පළාත් පාලන අයතනවල බලය පිහිටුවීම සඳහා සහාය දීම සම්බන්ධයෙන් මෙතක් තීන්දුවක් ගෙන නැතැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

ඒ සම්බන්ධයෙන් ජනතාවගේ මතය පිළිබඳව තව කරුණු සොයා වැඩිදුර සාකච්ඡා කළ යුතුව ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට දේශපාලන මණ්ඩලය ලබන සතියේදී නැවත වරක් රැස්වීමට නියමිත බව හෙතෙම සඳහන් කළේ ය.

ලබන සතියේදී පමණ රැස්වන දේශපාලන මණ්ඩලය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවද මහ ලේකම්වරයා පැවසීය. පසුගිය සතියේදී ද පක්ෂයේ දේශපාලන මණ්ඩලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජාපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ නමුත් එදින මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොතිබුණි.

Related posts

பெண்ணுக்காக முடியாட்சியினை இழந்தாரா மலேசியா மன்னர்?

Mohamed Dilsad

தெலுங்கானாவில் பஸ் கவிழ்ந்து கோர விபத்து

Mohamed Dilsad

Lankan student to design NASA moon mission patch

Mohamed Dilsad

Leave a Comment