දේශීය

පූජිත් ජයසුන්දර ගොනු කළ පෙත්සම සලකා බැලීම කල් යයි

(UTV | කොළඹ) – හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 09 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවේය.

පෙත්සම්කාර පූජිත් ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  19 වන සංශෝධනයට අනුව තමන්ව පාස්කු ඉරුදින එල්ල කරනු ලැබූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට එවක ජනාධිපති ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතාට බලයක් නොමැති බවයි.

ඒ තුළින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පූජිත් ජයසුන්දර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි

Related posts

කෞතුකාගාර 11 ක් තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

හිටපු පොලිස්පති ඉන්න තැන ගැන, පොලීසිය ජනතාවගෙන් අසයි : දන්නවනම් කියන්න

Editor O

ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment