දේශීය

කුඩා ධීවර යාත්‍රා සඳහා පනවා තිබූ තහනම ඉවත් කෙරේ

(UTV | කොළඹ) – කුඩා ධීවරයන්ට නැවත මුහුදු යාමට අවසර ලබාදීමට තීරණය කර ඇති බව බේරුවල ධීවර වරාය කළමනාකාරතුමා ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණය සමඟ ඇතිවූ කුණාටු තත්ත්වය පහවීයාම හේතුවෙන් ධීවර දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇති අතර , එම අවසරය දිස්ත්‍රික්ක මට්ටමින් ඇති ප්‍රාදේශීය ධීවර කාර්යාල හරහා ලබාදෙන බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර පැවති කුණාටුව හේතුවෙන් ඉන්දුනීසියානු මුහුද ප්‍රදේශයට ගසාගෙන ගිය ශ්‍රී ලාංකික ධීවර බහුදින යාත්‍රා 30ක් ඉදිරි දින හතර ඇතුළත නැවත දිවයිනට ළගා වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. එම යාත්‍රා වලට සහාය වීම සඳහා නාවික හමුදාවට අයත් නෞකාවක් පසුගියදා පිටත් කරනු ලැබුවේය.

Related posts

ඇමෙරිකා තීරු බදු අද සිට ක්‍රියාත්මකයි

Editor O

බොර තෙල් මිල පහළ ට

Editor O

තමා නිවැරදි බව හිටපු පොලිස්පති පූජිත් අධිකරණයේදී කියයි

Mohamed Dilsad

Leave a Comment