දේශීය

කුඩා ධීවර යාත්‍රා සඳහා පනවා තිබූ තහනම ඉවත් කෙරේ

(UTV | කොළඹ) – කුඩා ධීවරයන්ට නැවත මුහුදු යාමට අවසර ලබාදීමට තීරණය කර ඇති බව බේරුවල ධීවර වරාය කළමනාකාරතුමා ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණය සමඟ ඇතිවූ කුණාටු තත්ත්වය පහවීයාම හේතුවෙන් ධීවර දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇති අතර , එම අවසරය දිස්ත්‍රික්ක මට්ටමින් ඇති ප්‍රාදේශීය ධීවර කාර්යාල හරහා ලබාදෙන බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර පැවති කුණාටුව හේතුවෙන් ඉන්දුනීසියානු මුහුද ප්‍රදේශයට ගසාගෙන ගිය ශ්‍රී ලාංකික ධීවර බහුදින යාත්‍රා 30ක් ඉදිරි දින හතර ඇතුළත නැවත දිවයිනට ළගා වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. එම යාත්‍රා වලට සහාය වීම සඳහා නාවික හමුදාවට අයත් නෞකාවක් පසුගියදා පිටත් කරනු ලැබුවේය.

Related posts

විසල් හම්බන්තොට ව්‍යාපෘතිය නිසා නිවාස අහිමිවූවන්ට ඉඩම්

Mohamed Dilsad

මැතිවරණ දෙකක් 2025දී

Editor O

අද සවස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment