දේශීයව්‍යාපාරික

ද ෆිනෑන්ස් ආයතනයේ බලපත්‍රය අවලංගු කරයි

(UTV | කොළඹ) – ‘ ද ෆිනෑන්ස් ‘ ආයතනයට ලබාදී තිබූ මුදල් ව්‍යාපාර බලපත්‍රය හා කල්බදු මූල්‍යකරණ සහතියක අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා 2019 ඔක්තෝබර් 23 දින සිට බලපැවැත්වෙන පරිදි ‘ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යෑම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීමක් නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Related posts

මන්ත්‍රී වැටුප මාස දෙකක් අත්හිටුවන්නැයි යෝජනාවක්

Mohamed Dilsad

‘සියලු රටවැසියන් ආරක්ෂා කරගැනීම අපේ බලාපොරොත්තුවයි’

Mohamed Dilsad

වෛද්‍ය, ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක් විරෝධයේ

Mohamed Dilsad

Leave a Comment