දේශීය

අම්ෆන් කුණාටුවට හසුව ගසාගෙන ගිය ධීවර යාත්‍රාවලට ‘සමුදුර’ නෞකාවේ සහාය

(UTV| කොළඹ) – ඉන්දුනීසියාවේ මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහය සහ ඉන්ධන ලබා දීම සඳහා ඊයේ දින පිටත්ව ගිය නාවික හමුදාවට අයත් සමුදුර නෞකාව අදාල ධීවර යාත්‍රාවන් වෙතට ළගාවී මේ වන විට එම යත්‍රාවන් සමඟ සන්නිවේදන කටයුතු ගොඩනගා ගැනීමට සමත්ව තිබේ.

තවද ගොඩබිමට යාත්‍රා කරන අතරතුර අදාල ධීවර යාත්‍රාවන් සහ ධීවරයන්ට අවශ්‍ය ආහාර, වෛද්‍යාධාර සහ ඉන්ධන සමුදුර නෞකාව මගින් අවශ්‍ය පරිදි ලබාදීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.

අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් සියළුම ධීවර යාත්‍රාවන් ඉදිරියේදී නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරනු ලබයි.

Related posts

පිළියන්දල හෝටල හිමිකරු ඝාතනයට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

චෙන්නායි රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

යාපනයේ මාර්ගයක පයින් යන ජනාධිපති අනුර (වීඩියෝ)

Editor O

Leave a Comment