දේශීය

පිළියන්දල හෝටල හිමිකරු ඝාතනයට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – කැස්බෑව පිළියන්දල ගුරුගම්මාන ප්‍රදේශයේ හෝටලයක හිමිකරු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

හෝටල් හිමිකරු කිසියම් පිරිසක් විසින් ඝාතනය කර තිබුණේ පසුගිය හත්වනදා අලුයමයි.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සතුව තිබී ඝාතනයට යොදාගත් ආයුධ මෙන්ම රත්‍රං පවුම් 34 ක් සහ මැණික් ගල් 1 3ක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

එම සැකකරුවන්ගෙන් එක් අයෙකු අදාළ හෝටලයේ සේවය කර ඇති බව ද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

Related posts

විදුලි බිලට රජයෙන් විශේෂ සහනයක් [VIDEO]

Mohamed Dilsad

කොල්ලුපිටියේදී සිදු වූ දුම්රිය පීලි පැනීම යථා තත්ත්වයට පත් කිරීම තවත් ප්‍රමාද වෙයි

Mohamed Dilsad

විදෙස් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් නිරෝධායනයට යොමු කරයි

Mohamed Dilsad

Leave a Comment