දේශීය

පාසල් යළි විවෘත කිරීම පිළිබඳව ඇමතිගෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) –  කොරෝනා වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් එළඹෙන 26 වනදා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොරෝනා හදිසි තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගයන්‍හි ප්‍රගතිය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (22) පැවති හමුවකට එක්වෙමින්.

පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ගෙන යන අසත්‍ය ප්‍රචාර හෙළාදකින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

රටම අභියෝගයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ රජය, පාසල් දරුවන් හෝ ඔවුන්ගේ දෙමව්පියන් අපහසුතාවට ලක්කිරීමට කිසිසේත් කටයුතු නොකරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාසල් යළි විවෘත කරනු ලබන්නේ කොවිඩ් අවදානම සම්පූර්ණයෙන්ම පහව ගිය පසුව බවයි.

Related posts

දිවයිනේ සියලුම ළමා නිවාසවලට සතොසින් වියළි ආහාර ද්‍රව්‍ය

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන ශ්‍රේණියේ වෙනසක්

Mohamed Dilsad

පාසල් වහල සෙවිලි කිරීමේදී ඇස්බැස්ටෝස් තහනම්

Mohamed Dilsad

Leave a Comment