ක්‍රීඩා

පන්දුව ඔප දැමීමේදී ඛේටය භාවිත කිරීම මින් පසු තහනම්

(UTV | කොවිඩ් 19) –  ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දුව ඔප දැමීම සඳහා ඛේටය භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව තීරණය කර ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා ඒ ඇතුළු තවත් තීරණ රැසක් ගෙන ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නිරන්තරයෙන් උපදෙස් ලබා දෙන්නේ එහි ක්‍රිකට් කමිටුව විසින්ය.

ඒ අනුව ඛේටය හරහා වෛරසය ව්‍යාප්ති වීමට තිබෙන අවදානම පිළිබඳ අවධානය යොමු කරමින් පන්දුව ඔප දැමීම සඳහා ඛේටය භාවිතය සම්පූර්ණ ලෙසම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව ඒකමතිකව එකඟ වු බව එහි සභාපති පීටර් හාර්කෝට් පවසයි.

 

Related posts

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පෙරමුණට…..

Mohamed Dilsad

දෙවන තරඟයට ඕස්ට්‍රේලියානු සංචිතයේ වෙනසක්

Mohamed Dilsad

එංගලන්ත – පාකිස්තාන දෙවන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන්

Mohamed Dilsad

Leave a Comment