ක්‍රීඩා

පන්දුව ඔප දැමීමේදී ඛේටය භාවිත කිරීම මින් පසු තහනම්

(UTV | කොවිඩ් 19) –  ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දුව ඔප දැමීම සඳහා ඛේටය භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව තීරණය කර ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා ඒ ඇතුළු තවත් තීරණ රැසක් ගෙන ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නිරන්තරයෙන් උපදෙස් ලබා දෙන්නේ එහි ක්‍රිකට් කමිටුව විසින්ය.

ඒ අනුව ඛේටය හරහා වෛරසය ව්‍යාප්ති වීමට තිබෙන අවදානම පිළිබඳ අවධානය යොමු කරමින් පන්දුව ඔප දැමීම සඳහා ඛේටය භාවිතය සම්පූර්ණ ලෙසම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව ඒකමතිකව එකඟ වු බව එහි සභාපති පීටර් හාර්කෝට් පවසයි.

 

Related posts

කේශාව් මහරාජ් ගෙන් කඩුලු ත්‍රිත්වයක් – දකුණු අප්‍රිකාවට පහසු ජයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරින් මිකී ආර්තර් ඉවත්වෙයි

Mohamed Dilsad

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට 6 වසරක තරග තහනමක්

Mohamed Dilsad

Leave a Comment