දේශීය

අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් 28 දෙනෙක් නාවිකයන්

(UTV | කොළඹ) –  අද (19) දිනයේ වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිතයන් 28 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම 28 දෙනාම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්වෙමින් සිට ඇත.

අද දිනය වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත මුළු රෝගීන්ගෙන් 569 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

 

Related posts

වාහනයක ලියාපදිංචියක් සම්බන්දයෙන් හිටපු ඇමති විජිත් විජයමුණි අත්අඩංගුවට

Editor O

සදාචාර විරෝධී සමලිංගික චර්යා ප්‍රවර්ධනය වහාම නතරකරනු : මහනාහිමිවරු ජනාධිපතිට දැනුම් දෙයි

Editor O

ඩයනා ගැන තීන්දුව දීම පසුවට කල්තැබෙයි

Mohamed Dilsad

Leave a Comment