දේශීය

රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතු නැහැ – ජනපති

(UTV | කොළඹ) – රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතුය යන්න තම අපේක්ෂාව නොවන බවත් , ඒවා දියුණු කිරීම පමණක් එම ආයතන විසින් සිදුකළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදියි.

ඒ සඳහා අවශ්‍ය ආදායම් ජනනය කිරීම, කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වර්ධනය කිරීම, වියදම් හා නාස්තිය පාලනය කිරීම රාජ්‍ය ආයතන විසින් සිදුකළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ වෙහෙසී වැඩකරන ජනතාව උපයන ආදායමින් එබැවින් එම ආයතන ජනතාවට බරක් නොවිය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන්නේය.

කොරෝනා වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය හේතුවෙන් ලොව සෙසු රටවල් සේම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ද බලවත් පරිහානියක් සිදුව ඇති අතර පවතින තත්ත්වය හමුවේ ආයතන ප්‍රධානීන් රට ගැන සිතා කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා ඇත්දැයි සොයා වැටලීම්

Mohamed Dilsad

අන්තර්ජාලය හරහා ඉගෙනීමේදී සිසුන්ට දුෂ්කරතා [VIDEO]

Mohamed Dilsad

විපක්ෂ නායක ධූරය වෙනස් වෙනවාද …? – මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment