දේශීය

අන්තර්ජාලය හරහා ඉගෙනීමේදී සිසුන්ට දුෂ්කරතා [VIDEO]

(UTV | කොළඹ) – කොවිඩ්-19 වසන්ගතය ආරම්භවු දා සිට, ශ්‍රී ලංකාවේ සිසුන් විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලැබීමේදි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් තිබෙන බව A24 ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.

ඩිජිටල් යටිතල පහසුකම් දුර්වල වීම හේතුවෙන් ඇතැම් ගම්මානවල දරුවන් හට දුරස්ථ අධ්‍යාපනය ලබා දීමට අපහසු වී තිබෙන බවට එම ඒජන්සිය පවසයි.

තවද පවුලේ දරුවන් කිහිප දෙනෙක් සිටින අඩු ආදායම් ලාභී දෙමාපියන් තම දරුවන්ගෙ අධ්‍යාපනය සඳහා අවශ්‍ය ජංගම දුරකථන හෝ පරිගණක සියලු දරුවන් හට වෙන් වෙන්ව සපයා දීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටියි.

ඇතැම් සිසුන්ට දුර්වල දුරකතන සංඥා හේතුවෙන් අධ්‍යාපන කටයුතු සඳහා නිවෙස්වල වහලයට නැගීමට සිදුව ඇති අතර රජය විසින් ටැබ් පරිගණක බෙදා දීමේ ව්‍යාපෘති සහ ලාභදායී අන්තර්ජාල පැකේජ හදුන්වා දුන් නමුත් ඒවාද ප්‍රමානවත් වි නොමැති බව සඳහන් කරන A24 ප්‍රවෘත්ති ඒජන්සියට අනුව නිලධාරීන්ගේ ඉල්ලීම වූයේ සියලුම දරුවන්හට අන්තර්ජාල ප්‍රවේශ උපාංග ලබා දෙන ලෙසයි.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

නාවික හමුදාවේ 71 වන සංවත්සරය

Mohamed Dilsad

ඉදිරි අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට අලුත් වාහන

Editor O

මෙරටින් තහවුරු කරගත් සමස්ත ආසාදිතයන් 3115 යි

Mohamed Dilsad

Leave a Comment