දේශීය

දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ගින්නට අදාළ සැකකරුවෙක් රිමාන්ඩ්

(UTV | මාතර) – පසුගිය 13 වනදා මාතර – දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ හට ගත් ගින්නට අදාළව සැකකරුවෙකු අත්බෝම්බයක් ද සමඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු දෙයියන්දර – දේවාලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු තවත් අපරාධ රැසකට චෝදනා එල්ල වූවෙක් ද වෙයි.

ඔහු අද දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

මෙම ගින්නෙන් දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ තිබූ ලියකියවිලි රැසකට හානි සිදුවිය.

Related posts

ලබන මාසයේ සිට පාසල් වෑන් රථ ගාස්තුවත් ඉහළට

Mohamed Dilsad

“ශ්‍රී ලංකාවේ පාකිස්තාන බෞද්ධ සංචාරක ව්‍යාපාරය සඳහා ඇති අවස්ථා සහ අභියෝග” පිළිබඳ අන්තර්ජාල සාකච්ඡාව

Mohamed Dilsad

අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්ෂණ තවදුරටත්.

Editor O

Leave a Comment