දේශීය

නිවාස රැසකට තවදුරටත් විදුලි සැපයුම අඩාලයි

(UTV | කොළඹ ) – අයහපත් කාළගුණය හමුවේ විදුලි සැපයුම අඩාල වූ නිවාස 5000 කට තවදුරටත් සැපයුම අඩාල වී ඇතැයි විදුලි බල අමාත්‍යාංශය පවසයි.

හම්බන්තොට, ගාල්ල, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්වල නිවාසවල විදුලිය සැපයුම එලෙස අඩාල වී ඇති බව එහි මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

දිවයිනට බලපෑ මහ වැසි සහ තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 45000 කට පමණ ඊයේ (16) සහ පෙරේදා (15) දිනවල විදුලිය සැපයුම බිඳ වැටී තිබිණි.

සියලූ නිවාසවලට කඩිනමින් විදුලිය සැපයුම ලබාදෙන බව සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත් කියාසිටියේය.

Related posts

බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් මෙරට ඇමතිවරුන් කළ ප්‍රකාශය OIC-IPHRC හෙළා දකී

Mohamed Dilsad

කොවිඩ් මරණවල අවසන් කටයුතු සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ජනතාවට ඇඟලුම් නිෂ්පාදනත් සතොස හරහා

Mohamed Dilsad

Leave a Comment