දේශීය

විදුලිය බිද වැටීම් පැය 24ක් තුළ යථා තත්ත්වයට පත් කරන්නැයි උපදෙස්

(UTV | කොළඹ) – දිවයිනේ ප්‍රදේශ ගණනාවක සිදුව ඇති විදුලිය බිද වැටීම් පැය 24ක් තුළ යථා තත්ත්වයට පත් කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබේ.

ඒ අයහපත් කාලගුණයත් සමඟ විදුලි රැහැන් පද්ධතියට සිදුවූ හානි හේතුවෙන්.

එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ නිසා ප්‍රදේශ ගණනාවක පවුල් 44,000ක් පමණ විදුලිය නොමැතිව පීඩා විදින බවට වාර්තා වී ඇති බවයි.

කෙසේ නමුත්, අධිබල විදුලි රැහැන්වලට හානි සිදුවීම නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 780කට විදුලිය සැපයීම හෙට දිනය දක්වා කල් යන අතර  දිවයිනේ හානියට පත්ව ඇති සෙසු ප්‍රදේශවලට විදුලිය ලබාදීමේ අලූත්වැඩියා කිරීම් මේ වන විටත් ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ගෑස් මිල ගැන හෙට දැනුම්දීමක්

Mohamed Dilsad

DNA පරීක්ෂණ වලට බාධාවක්

Mohamed Dilsad

දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට

Mohamed Dilsad

Leave a Comment