දේශීය

දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට

(UTV | කොළඹ) – දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට බරව ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ක්‍රමයෙන් තමිල්නාඩු ප්‍රදේශය දක්වා ගමන්කිරීමේ හැකියාව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අද දිනයේ උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවය.
මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇම්බර් වර්ණයෙන් යුතු තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

Related posts

ඡන්ද පත්‍රිකා 50 % ක් මුද්‍රණය කර අවසන් වෙයි

Mohamed Dilsad

කොස්ගොඩ වෙඩි තැබීමක්

Editor O

කබ්රාල් ට පණවා ඇති විදෙස් ගමන් තහණම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment