Trending Newsඑසැන පුවත්දේශීය

උතුර – නැගෙනහිරට අඟහරුවාදා (10) සිට මහ වැසි

අඟහරුවාදා (10) සිට උතුරු – නැගෙනහිර පළාත්වලට තද වැසි ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව, ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් වැසි ඇතිවන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකතනය තිබේ. ඒ හේතුවෙන් අනිද්දා (10) සිට උතුරු – නැගෙනහිර පළාත්වලට තද වැසි ඇති විය හැක.

ඉදිරි දිනවලදී ආපදා තත්ත්වයක්  ඇතිවුවහොත්, ඊට මුහුණදීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීම වෙනුවෙන් සාකච්ඡාව පැවති බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරල් උදය හේරත් මහතා සඳහන් කළේ ය. උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය විධිවිධාන යෙදීම සම්බන්ධයෙන් ද, එහිදී සාකච්ඡා කර තිබිණි.

මේ අතර පසුගිය දිනවල දිවයිනට බලපා ආපදා තත්වයෙන් පීඩාවට පත්, පවුල් 431 කට අයත් පුද්ගලයින් 1,462 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත මධ්‍යස්ථාන 17ක රඳවා ඇති බවද එහිදී අනාවරණය විය.

Related posts

போலி நாணயத்தாள்களுடன் பெண்கள் இருவர் கைது

Mohamed Dilsad

ஹிட்லர் வீடு பொலிஸ் நிலையமாக மாற்றம்

Mohamed Dilsad

සහල් වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

Leave a Comment