Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණ කවදා ද..?

නීතිපති උපදෙස් අනුව පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කරයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වූ පසු ප්‍රකාශයට පත්කරන බව හෙතෙම කීවේය.

විභාගය පැවැත්වෙන කාලය තුළ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළොත් දේශපාලන පක්ෂ විවිධ ප්‍රචාරක කටයුතු සිදුකරන බැවින් ඉන් විභාගයට විවිධ අපහසුතා ඇතිවිය හැකි බවද හෙතෙම කීවේය. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ අවධානය යොමුව් තිබේ. එලෙස සංශෝධනය කර පෙර කැදවූ නාම යෝජනා අවලංගු කර නැවත නාම යෝජනා කැදවීමට අවධානය යොමුව තිබේ.

සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම සියලු කරුණු පිළිබඳ අධ්‍යනය කර නීතිපති උපදෙස් ලබා ගෙන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බවයි.

Related posts

සොයිසාපුර ප්‍රදේශයේ වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සහ රියදුරු අත්අඩංගුවේ

Mohamed Dilsad

A fifth elephant found dead in Habarana

Mohamed Dilsad

Sri Lanka Tour of Pakistan to go ahead as planned – SLC

Mohamed Dilsad

Leave a Comment