දේශීය

ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම සහ අවසාන විභාග සහතික online ක්‍රමයට

(UTV | කොළඹ) –  අධ්‍යාපන අමාත්‍යාංශයේ, ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් නිකුත් කරනු ලබන ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම සහ ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයන්හි සහතික පත් ලබාගැනීම වෙනුවෙන් අමාත්‍යාංශය වෙත පැමිණීම වෙනුවට මාර්ගගත (online) ක්‍රමයට ඒ සඳහා අයදුම්පත් යොමුකිරීමට අවස්ථාව සලසා ඇති බව ප්‍රාචීන භාෂෝපකාර සමාගම සඳහන් කරයි.  

රට තුළ මතුව ඇති කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සහතික පත් අයදුම්කරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණීමේ දී සිදු විය හැකි අපහසුතා පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම පහසුකම සලසා ඇත.

ඒ අනුව, ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ www.oriental.lk වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් අයදුම්කරුවන්ට මෙම සහතික පත් සඳහා අයදුම් කළ හැකිය.

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ආණ්ඩුව ට රතු එළි | 23දා රට පුරා රෝහල්වල වෛද්‍යවරු වැඩ වර්ජනයක් කැඳවයි…!

Editor O

බටලන්ද, පාර්ලිමේන්තුවට

Editor O

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment