විදෙස්

ඉතාලියේ වසා දැමුණු අවන්හල් , රූපලාවන්‍යාගාර විවෘත කිරීමට යයි

(UTV| කොවිඩ් 19) –  කොවිඩ් 19 ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ඉතාලි රජය විසින් වසා දැමූ බීමහල් , අවන්හල් , කොණ්ඩා සකසන ස්ථාන ,  බාබර් සාප්පු සහ රූපලාවන්‍යාගාර ලබන 18 වැනිදා සිට නැවත විවෘත කිරීමට තීරණය කර ඇත.

ව්‍යාපාර සහ ඉහත සඳහන් කළ විවෘත කිරීමේ බලය ප්‍රාදේශීය බලධාරීන්ට ලබාදීමට ද ඉතාලි ආණ්ඩුව පියවර ගෙන ඇත.

කුඩා කඩසාප්පු, කෞතුකාගාර සහ පුස්තකාල ද ලබන 18 වැනිදා සිට විවෘත කරන බව ද  ,ඉහත සඳහන් කළ සියල්ල විවෘත කිරීමට සෞඛ්‍යාරක්ෂිත පියවර ගැනීම අනිවාර්ය බව ද ඉතාලි ආණ්ඩුව නිවේදනය කළේය.

අවන්හල් විවෘත කළ ද ආහාර ගන්නන් අතර මීටර හතරක දුරස්ථභාවයක් පවත්වා ගත යුතු යැයි ද එම නිවේදනයේ දැක්විණි.

Related posts

යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා වැසෙයි

Mohamed Dilsad

Google බිඳ වැටෙයි

Mohamed Dilsad

ඉන්දීයාවේ මෝදිට බංග්ලාදේශයෙන් සහතිකයක්

Editor O

Leave a Comment