විදෙස්

ඉතාලියේ වසා දැමුණු අවන්හල් , රූපලාවන්‍යාගාර විවෘත කිරීමට යයි

(UTV| කොවිඩ් 19) –  කොවිඩ් 19 ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ඉතාලි රජය විසින් වසා දැමූ බීමහල් , අවන්හල් , කොණ්ඩා සකසන ස්ථාන ,  බාබර් සාප්පු සහ රූපලාවන්‍යාගාර ලබන 18 වැනිදා සිට නැවත විවෘත කිරීමට තීරණය කර ඇත.

ව්‍යාපාර සහ ඉහත සඳහන් කළ විවෘත කිරීමේ බලය ප්‍රාදේශීය බලධාරීන්ට ලබාදීමට ද ඉතාලි ආණ්ඩුව පියවර ගෙන ඇත.

කුඩා කඩසාප්පු, කෞතුකාගාර සහ පුස්තකාල ද ලබන 18 වැනිදා සිට විවෘත කරන බව ද  ,ඉහත සඳහන් කළ සියල්ල විවෘත කිරීමට සෞඛ්‍යාරක්ෂිත පියවර ගැනීම අනිවාර්ය බව ද ඉතාලි ආණ්ඩුව නිවේදනය කළේය.

අවන්හල් විවෘත කළ ද ආහාර ගන්නන් අතර මීටර හතරක දුරස්ථභාවයක් පවත්වා ගත යුතු යැයි ද එම නිවේදනයේ දැක්විණි.

Related posts

Microsoft වෙළඳසැල් 100කට වැඩ වැඩි ගණනක් වසා දැමීමට සැරසෙයි

Mohamed Dilsad

නවසීලන්තයට පණවා තිබූ සුනාමි අනතුරු ඇගවීම ඉවතට

Mohamed Dilsad

බ්‍රසීලයේ ජනාධිපතිවරණයේ පළමු වටයේ ජය විපක්ෂයට

Mohamed Dilsad

Leave a Comment