දේශීය

පාසැල් ආරම්භය ගැන සෞඛ්‍ය අංශය වල නිර්දේශය

(UTV |කොළඹ ) – පවතින කොරෝනා වසංගත අවදානම සහ මේ වන විට රටේ පවතින තත්ත්වය සලකා බලන විට පාසල ආරම්භ කිරීම සඳහා සුදුසු වාතාවරණයක් මේ වන විට නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව දන්වා ඇති බව වර්තා වේ.

එළැඹෙන 11 වැනි දින පාසල් ආරම්භ කිරීමට කලින් දින නියම වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මෙසේ දැනුම් දී ඇත.

පාසල් නැවත ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් තීරණය කරන්නේ කොරෝනා ව්‍යාප්තියේ ස්වභාවය සහ පාසැල් තුළ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක කටයුතු පවත්වා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම්වල ප්‍රමාණවත් තත්ත්වය අධ්‍යනය කිරීමෙන් පමණක් යැයිද ඔහු එමගින් පවසා තිබේ.

ඒ අනුව ඉදිරි දින වලදී පාසල් තුළ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අවශ්‍ය කරන සියලු සනීපාරක්ෂක පහසුකම් ද යටිතල පහසුකම් ද ඉහළ නැංවීමට උපදෙස් ලබා දෙන බවද එම ලිපියෙන් දන්වා ඇත.

Related posts

උත්සව තියලා මරණ සහතික නිකුත් කරන තරමට, ආණ්ඩුව පිරිහිලා

Editor O

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන

Mohamed Dilsad

මහ මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කරයි

Mohamed Dilsad

Leave a Comment