දේශීය

කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් ලංකාවට ඇති අත්දැකීම් බෙදාගැනීම අපේක්ෂාවයි [VIDEO]

(UTV | කොළඹ) –  කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති අත්දැකීම් සහ එය පාලනය කිරීමේදී අත්කරගත් ජයග්‍රහණ සාමාජික රටවල් සමග බෙදාගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා නොබැදි ජාතීන්ගේ නායක සමුළුව අමතමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් සඳහන් කළේය.

ජනාධිපතිවරු 19 දෙනෙක්, උප ජනාධිපතිවරයෙක්, අගමැතිවරු 06 දෙනෙක්, නියෝජ්‍ය අගමැතිවරයෙක් සහ විදේශ අමාත්‍යවරු 08 දෙනෙක් ඇතුළු රටවල් 40ක නියෝජිතයෝ සමුළුව ඇමතූහ.

“COVID 19 ට එරෙහිව එක්සත්ව”(United Against COVID)  යන්න සමුළුවේ තේමාව විය.

වසංගතය මර්දනයට ඉදිරි පෙරමුණේ සේවය කරන සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවක පිරිස් දක්වන කැපවීම සහ පරිත්‍යාගශීලි ගුණය පිළිබඳව ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළ කල අතර , COVID 19  වසංගතය පාලනය කිරීමටත් ක්‍රමයෙන් තුරන් කිරීමටත් ශ්‍රී ලංකාව සමත්වී ඇති බව එහිදී අවධාරණය කළේය.

ආරක්ෂක හමුදා නිරෝධායන මධ්යනස්ථාන පවත්වාගෙන යාම, රෝගීන් හඳුනාගැනීමට  රාජ්‍ය බුද්ධි අංශ යෙදවීම,  පොලිසීය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු ආසාධිතයන් ඇසුරු කළ අය හඳුනා ගැනීමට යෙදවීම පාලනයට බෙහෙවින් ඉවහල් වූ බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

https://www.facebook.com/UTVDigitalSinhala/videos/250648066246016/?t=157

Related posts

ආර්ථිකේ ගැන දැනුවත් නොමැති තුන් කට්ටුවක් රට විනාශ කළා [VIDEO]

Mohamed Dilsad

ගෑස් මිල වෙනස් වෙයි

Mohamed Dilsad

නව පාසල් වාරය අද ඇරඹේ – පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ගැනත් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment