දේශීයප්‍රමුඛ පුවත 3

කාලගුණයේ වෙනසක්

(UTV |කොළඹ) – ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ නිසා ඉදිරි පැය 24 – 48 කාලය තුළ පීඩන අවපාතයක් දක්වා එය වර්ධනය විය හැක.

මෙම පද්ධතිය බස්නාහිර , වයඹ දෙසට ගමන් කරනු ඇති අතර නොවැම්බර් මස 24 වන දින පමණ වන විට දිවයිනේ උතුරු – නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වෙත ළඟා විය හැකි බව කාලගුණ අංශය පෙන්වා දෙයි.

නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.

Related posts

තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම පිරිසක් දිවයිනට

Mohamed Dilsad

රිෂාඩ්ගේ පෙත්සම සලකා බැලීමෙන් තුන්වන විනිසුරුවරයත් ඉවත් වෙයි

Mohamed Dilsad

තවත් PCR පරීක්ෂණ 1553 ක්

Mohamed Dilsad

Leave a Comment