දේශීය

දිගු වේලාවක් අඛණ්ඩව වැඩකිරීම මරණ වැඩිවීමට හේතුවක්

(UTV | කොළඹ) – දිගු වේලාවක් අඛණ්ඩව වැඩකිරීම හේතුවෙන් වාර්ෂිකව සිය දහස් දෙනෙක් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.     

දීර්ඝ වැඩ කරන වේලාවන් හා සම්බන්ධ ජීවිත හානිය පිළිබඳ ප්‍රථම ගෝලීය අධ්‍යයනයේදී පෙන්නුම් කළේ 2016 දී දීර්ඝ සේවා කාලය හා සම්බන්ධ ආඝාත හා හෘද රෝග තත්ත්වයන් හේතුවෙන් ලොවපුරා පුද්ගලයින් 745,000 ක් මිය ගොස් ඇති බවය.

ඉන් බහුතරයක් ගිනිකොණ ආසියාවේ සහ බටහිර පැසිෆික් කලාපීය රටවල වැසියන් බව එම පර්යේෂණ වාර්තාවේ දැක්වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ කොරෝනා වෛරසය හේතුවෙන් එම තත්ත්වය තවත් වර්ධනය වී ඇති බවය.

එම පර්යේෂණය අනුව හෙළිවී ඇත්තේ සතියකට පැය 55ක් හෝ ඊට වැඩියෙන් වැඩකිරීම නිසා ආඝාතය ඇතිවීමට ඇති හැකියාව 35% ඉහළයන බවත් හෘද රෝගයක් නිසා මියයාමට ඇති හැකියාව 17% ක් වැඩිවන බවය.

සාමාන්‍යයෙන් සතියකට වැඩකළ යුතු පැය ගණන දක්වා ඇත්තේ පැය 35 – 40ත් අතරය.

එම හේතු නිසා මියගොස් තිබූ බහුතරය මැදි වයසේ හෝ වයස්ගත පුද්ගලයින් බව, ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා එක සිදුකර තිබූ එම පර්යේෂණයේ වාර්තාව අනුව දැක්වේ.

Related posts

ආනයනය කළ අලුත් වාහන 196 ක් ලබන සතියේ සිට වෙළෙඳපොළේ අළෙවියට

Editor O

ඉදිරි පැය 24 සදහා බලපැවැත්වෙන පරිදි තද සුළං අවදානමක්

Mohamed Dilsad

ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

Leave a Comment