දේශීය

ග්‍රාම නිලධාරීන් යළිත් සේවයෙන් ඉවත් වීමේ තීරණයක

(UTV| කොවිඩ් 19) – කොරෝනාවෙන් පීඩාවට පත්ව සිටින පවුල් සඳහා රුපියල් 5000 ක් ලබාදීමේ ක්‍රියාවලියෙන් යළි ඉවත් වීමට ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරින්ගේ වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මින් පෙර ද මෙම ක්‍රියාවලියෙන් ඔවුන් ඉවත් වූයේ සමෘද්ධි නිලධාරීන් විසින් ග්‍රාම නිලධාරීන් අපහසුතාවයට පත් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින්.

ඒ අනුව ග්‍රාම නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරින්, කෘෂි කර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් මෙලෙස රාජකාරි කටයුතු වලින් ඉවත්වීමට තීරණය කළ බව මහනුවර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සම්මේලනයේ නියෝජිතයින් සඳහන්කර සිටියහ.

Related posts

තවත් ආසාදිතයන් 83 දෙනෙක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට

Mohamed Dilsad

උපුල් තරංග ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

Mohamed Dilsad

Leave a Comment