දේශීය

උපුල් තරංග ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

(UTV | කොළඹ) – ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත.

2005 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඔහු සිය වසර 15 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 31 කට, එක්දින තරග 235 කට සහ 20යි 20 තරග 26කට ක්‍රීඩා කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරන බවද උපුල් තරංග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද දරා ඇති උපුල් තරංග 2007 සහ 2011 ලෝක කුසලාන තරගාවලියන්හීදී ආරම්භක පිතිකරුවෙකු ලෙස ද කණ්ඩායමට සුවිශේෂී සේවයක් ඉටු කරනු ලැබීය.

 

 

Related posts

ආචාර්යවරු සහ නිලධාරීන් 122ක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පොලු තියයි.

Editor O

සියලු මුස්ලිම් පල්ලි වලට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

අදත් ආසාදිතයින් 251 දෙනෙකු හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment