දේශීය

තීරණයක් ලැබෙන තුරු රංජන්ට පාර්ලිමේන්තුව තහනම්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය අවසන් වන තුරු ඔහු පාර්ලිමේන්තුවට ගෙන්විය නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකරන්නැයි ඉල්ලා විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක නිරත විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයට මාරුකර දෙන ලෙසටයි. ඔහු පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙසටද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

බන්ධනාගාර විශය භාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනතුරුව කියාසිටියේ රංජන් රාමනායක මහතාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධ වගකීම තමන් භාරගන්නා බවයි.

 

Related posts

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳ විශේෂ නිවේදනයක් [RELEASE]

Mohamed Dilsad

කොරෝනා වැළඳී IDH සිටින තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට

Mohamed Dilsad

වැඩබලන අගවිනිසුරුවරයෙක් පත් කරයි

Editor O

Leave a Comment