දේශීය

තීරණයක් ලැබෙන තුරු රංජන්ට පාර්ලිමේන්තුව තහනම්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය අවසන් වන තුරු ඔහු පාර්ලිමේන්තුවට ගෙන්විය නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකරන්නැයි ඉල්ලා විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක නිරත විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයට මාරුකර දෙන ලෙසටයි. ඔහු පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙසටද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

බන්ධනාගාර විශය භාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනතුරුව කියාසිටියේ රංජන් රාමනායක මහතාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධ වගකීම තමන් භාරගන්නා බවයි.

 

Related posts

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීම ගැන කමිටු වාර්තාව අද

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය සමග සුරාබදු නිලධාරියෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

මාලි හිදී ජීවිතක්ෂයට පත්වූ හමුදා සෙබළාගේ දේහය හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment