දේශීයප්‍රමුඛ පුවත 1

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීම ගැන කමිටු වාර්තාව අද

(UTV  | කොළඹ) – පසුගිය සඳුදා කෙරවලපිටිය ග්‍රීඩ් උපපොළේ සිදුවූ දෝෂයක් හේතුවෙන් දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ මූලික වාර්තාව අද (24) විෂයභාර අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතය.

මෙහිදී පැය 5 කට අධික කාලයක් දිවයින පුරා විදුලිය බිඳ වැටී තිබූ අතර, මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබීය.

සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් මෙම විද්වත් කමිටුව සිය මූලික විමර්ශන වාර්තාව අද අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිත බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

මේ අතර, ඊයේ දිනයේ දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ, තමා අමාත්‍යධූරය බාර ගෙන පැය 96ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ සිදුවු මෙම සිද්ධියේ දී වගකිය යුත්තේ විදුලිබල අමාත්‍යාංශය බවට අනාවරණය වුවහොත් තමා සිය අමාත්‍යාංශයෙන් ඉවත් වන බවය.

Related posts

අයහපත් කාළගුණය නිසා කළු ගඟ, කැලණි ගඟ හා ගිං ගඟ ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක්

Mohamed Dilsad

IOC මිලත් පහළට

Mohamed Dilsad

ලංකාවේ අනාගතය ගැන ලෝක බැංකුවෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment