දේශීය

මාලි හිදී ජීවිතක්ෂයට පත්වූ හමුදා සෙබළාගේ දේහය හෙට දිවයිනට

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි කටයුතුවල නිරතවෙමින් සිටි මෙරට හමුදා සෙබළෙකු මාලි හිදී පසුගියදා ජීවිතක්ෂයට පත්වී තිබුණි.

 

මියගිය ලාන්ස් කෝප්‍රල්වරයාගේ දේහය හෙට (22) මෙරටට රැගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකා යුද හමුදාව පැවසීය.

 

දේහය පිළිබඳව අවසන් කටයුතු ශ්‍රී ලංකා යුද හමුදා උත්තමාචාර මැද අනුරාධපුරයේදී සිදුකිරීමට නියමිතය.

 

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි කටයුතුවල නිරතවී සිටි මෙම හමුදා සෙබළා හදිසියේම රෝගාතුර වී ජීවිතක්ෂයට පත්වී ඇති බව යුද හමුදාව පැවසීය.

 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මැදවච්චිය ප්‍රදේශය පදිංචි එම්. ජී. එල් දේශප්‍රිය නමැති 42 හැවිරිදි ලාන්ස් කෝප්‍රල්වරයෙකි.

 

6 වන සේවා බළකායට අනියුක්තව රාජකාරි කරමින් සිටි ඔහු දෙදරු පියෙකි.

 

ලාන්ස් කෝප්‍රල්වරයා 2022 වසරේ සාම සාධක කටයුතු සඳහා මෙරටින් පිටත්ව ගොස් ඇති අතර 2023 අගෝස්තු මස නැවතත් මෙරටට පැමිණීමට නියමිතව තිබු බවද යුද හමුදාව සඳහන් කළේය.

 

ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය මහතා ඉකුත් 11 වනදා හදිසි හෘදයාබාධයක් වැළඳීමෙන් මාලි රාජ්‍යයේ බනාකෝ නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වනු ලබන රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබුණි.

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කළ බව ට, වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය තහවුරු කරයි.

Editor O

කෝටියක හෙරොයින් සමඟ පුද්ගලයක් අත්අඩංගුවට

Mohamed Dilsad

වසර 6කත පසු සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතා සංවාදය අද කොළඹදී

Mohamed Dilsad

Leave a Comment