Trending Newsඑසැන පුවත්දේශීය

විමලසුරේන්ද්‍ර ජලාශ වේල්ලේ ආරක්ෂාව සඳහා ⁣ඉදිකර තිබූ හමුදා මුරපොළකට පස්කන්දක් කඩා වැටේ

නෝර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශ වේල්ල අසළ ආරක්ෂාවට ඉදි කර තිබු යුධ හමුදා මුරපොළට පස් කන්දක් කඩා වැටීමෙන් එම කදවුරේ ආරක්ෂාවට සිටි යුධ හමුදා ⁣නිලධාරීන් 05 දෙනෙකු පස් කන්දට යට වී සිටියදී ලක්ෂපාන යුධ හමුදා කදවුරේ බට පිරිස් විසින් මුදා ගෙන දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කල බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පැවසීය.

19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ සැරයන් මේජර් වරයෙකු ඇතුලු සෙබලුන් 05 දෙනෙකු එම මුර පොලේ රාජකාරි කරමින් සිටියදී නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මුරපොළට ඉදිරියෙන් වූ නෝර්ටන්බ්‍රිජ්  ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ පස් කන්දක් කඩා වැටී එම මුරපොල සම්පුර්ණයෙන්ම යට විය.

පස් කන්ද කඩා වැටිමෙන් නෝර්ටන්බ්‍රිජ් ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතුද සම්පුර්ණයෙන්ම ඇනහිට ඇත.

රංජිත් රාජපක්ෂ     

Related posts

ஐக்கிய தேசியக் கட்சியின் மத்திய செயற்குழுக் கூட்டம் ஒத்திவைப்பு

Mohamed Dilsad

විපක්ෂයේ සහ ආණ්ඩුවේ තනතුරු පිළිබඳ අවසන් තීන්දුව අද

Mohamed Dilsad

றம்புக்கனை காவற்துறை நிலைய தடுப்பு காவலில் இருந்த கைதிகள் தப்பி ஓட்டம்

Mohamed Dilsad

Leave a Comment