දේශීය

කොරෝනාවෙන් සුව වූ පළමු නාවික සෙබලා රෝහලෙන් පිටව යයි

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පූර්ණ සුවය ලැබූ ප්‍රථම නාවික හමුදා සෙබලා රෝහලෙන් පිටව ගොස් තිබේ.

පසුගිය අප්‍රේල් මස 25 වනදා ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීම හේතුවෙන් අයි.ඩී.එච්.රෝහලට ඇතුළත් කළ බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

අදාල නාවික පුද්ගලයා රෝහලින් පිටත්ව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඔහුගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර තිබේ.

Related posts

පොළොන්නරුවේ ගම්මාන 12 ක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

අවි පෙන්වා නිවසක් කොල්ලකෑ කල්ලියේ ප්‍රධානියකු අත්අඩංගුවට

Mohamed Dilsad

අධ්‍යාපනයේ අලුත් වෙනසක්

Editor O

Leave a Comment