දේශීය

කොරෝනාවෙන් සුව වූ පළමු නාවික සෙබලා රෝහලෙන් පිටව යයි

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පූර්ණ සුවය ලැබූ ප්‍රථම නාවික හමුදා සෙබලා රෝහලෙන් පිටව ගොස් තිබේ.

පසුගිය අප්‍රේල් මස 25 වනදා ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීම හේතුවෙන් අයි.ඩී.එච්.රෝහලට ඇතුළත් කළ බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

අදාල නාවික පුද්ගලයා රෝහලින් පිටත්ව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඔහුගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර තිබේ.

Related posts

වාහන අංක තහඩු මුද්‍රණය කිරීම නතර කර මාසයකට ආසන්නයි…!

Editor O

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

තේ කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කරනවා – සජිත් ප්‍රේමදාස බද්දේගම මහා ජන රැළියේදී කියයි.

Editor O

Leave a Comment