දේශීය

එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

(UTV | කොළඹ ) – අද (03) එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත් වේ.

අග්‍රාමාත්‍යවරයා විසින් අරලිය ගහ මන්දිරයේදී හෙට (04) කැඳවා ඇති සාකච්ඡාව සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කෙරෙනු ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය විසින් හෙට පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස එහිදී ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව අකිල විරාජ් කාරියවසම් කියාසිටියේය.

ජනතාවට රුපියල් 5000 දීමනාව ලබාදීමේදී හා සහන ලබාදීමේ දී සිදුවන බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු කරවන බව මහලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

Related posts

තිළිණි – ඉසුරු රිමාන්ඩ්

Mohamed Dilsad

හෙට සිට දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට

Mohamed Dilsad

තිරිඟු පිටි මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment