දේශීය

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් ස්වයං නිරෝධායනයට

(UTV | කොළඹ ) – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් කොළඹ මහ නගර සභා සීමාවේ රාජකාරියේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බව පවසයි.

බණ්ඩාරණායක මාවත, ගුණසිංහපුර සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශවල සේවයේ නිරතව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් මෙලෙස නිරෝධායනයට ලක්ව ඇති බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සදහන් කළේය.

මේ අතර අදාල නිලධාරීන්ගේ වෛද්‍ය පරීක්ෂණ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි සදහන් කළේය.

Related posts

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිට ජාත්‍යන්තර සම්මානයක්

Editor O

දේශීය මත්පැන් සඳහා වෙනම ඇප් එකක්

Mohamed Dilsad

කැණීම් සිදුකළ පුද්ගලයන් 10 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment