දේශීය

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් ස්වයං නිරෝධායනයට

(UTV | කොළඹ ) – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් කොළඹ මහ නගර සභා සීමාවේ රාජකාරියේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බව පවසයි.

බණ්ඩාරණායක මාවත, ගුණසිංහපුර සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශවල සේවයේ නිරතව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් මෙලෙස නිරෝධායනයට ලක්ව ඇති බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සදහන් කළේය.

මේ අතර අදාල නිලධාරීන්ගේ වෛද්‍ය පරීක්ෂණ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි සදහන් කළේය.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාව අවට මුහුදේ කැස්බෑවන්ගේ චර්යාත්මක වෙනසක්

Mohamed Dilsad

නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් රැස්වේ

Mohamed Dilsad

සමගි ජනබලවේගයේ මතයට පටහැනිව ක්‍රියා කළ පළාත් පාලන සභිකයන්ට එරෙහිව විනය පරීක්ෂණ

Editor O

Leave a Comment