දේශීය

මිරිහාන විරෝධතාකරුවන් අතර අන්තවාදීන්.. – ජනපති මාධ්‍ය අංශය

(UTV | කොළඹ) – නුගේගොඩ, ජුබිලි කණුව අසල උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයින් අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බවට අනාවරණ වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිවරයාගේ නිවස දෙසට ගමන් කර කළහකාරී තත්ත්වය ඇති කර තිබෙන බව ය.

මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇතැයි අදාළ නිවේදනයෙහි සඳහන් වේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ඔවුන් “අරාබි වසන්තයක්” මෙරට ඇති කරමු යන හඬ නගමින් උද්ඝෝෂණය මෙහෙයවා ඇති බව ය.

ඉතා සැලසුම්කාරී ලෙස නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිත කරමින් ජනතාව කෝපගන්වා රට අරාජික කිරීමේ අරමුණින් මෙම කළහකාරී තත්ත්වය ඇති කර ඇති බව අත්අඩංගුවේ පසුවන පිරිසගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇතැයි අදාළ නිවේදනවෙහි වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය පහතින්;

Related posts

පළාත් කිහිපයකට අදත් තද වැසි

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක්

Editor O

නැවත දැනුම් දෙන තුරු නිදහස් වෙළඳ කලාපය වැසේ

Mohamed Dilsad

Leave a Comment