Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ හිටපු මන්ත්‍රී මයන්ත දිසානායක මහත්වරු ඊයේ (23) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලයට පැමිණිල්ලක් භාර දුන්නේය.

වත්මන් ආණ්ඩුව විසින් දේශපාලන මර්දනයක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, එය සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ, මෙම රජය දියත් කර ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන පළිගැනීම්වලට හොඳම උදාහරණය වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම බවයි.

රජයේ මුදල් රුපියල් ලක්ෂ 166ක් අවභාවිත කිරීමේ චෝදනාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන අතර, මෙය මෙරට ඉතිහාසයේ හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව ලෙස සැලකේ.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ මහතා ලබන අගෝස්තු 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරුන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.


Related posts

චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් උදව්වක්

Mohamed Dilsad

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක්

Mohamed Dilsad

Over 80 arrests made in Sri Lanka since Sunday bombings

Mohamed Dilsad

Leave a Comment