Trending Newsඑසැන පුවත්දේශීය

බොරලැස්ගමුවේ වෙඩි තැබීමක්

බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද (24) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මරණයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

පුද්ගලයින් 09 දෙනෙකු සංගීත සංදර්ශනයක් නරඹා පාගමනින් ආපසු පැමිණෙමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව සඳහන්.

සංගීත සංදර්ශනයේදී ඇතිවූ ආරවුලකින් අනතුරුව මෙම වෙඩිතැබීම සිදුව ඇති බවත් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් වාර්තා වූ අතර වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බවත් වාර්තා විය.

Related posts

යශෝද රංගේ බණ්ඩාරගේ මෝටර් රථය අනතුරට

Mohamed Dilsad

Missed Call தொடர்பில் உடனடியாக அறிவிக்குமாறு கோரிக்கை

Mohamed Dilsad

Kohli and Anderson top ICC Test rankings

Mohamed Dilsad

Leave a Comment