Trending Newsඑසැන පුවත්දේශීය

බොරලැස්ගමුවේ වෙඩි තැබීමක්

බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද (24) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මරණයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

පුද්ගලයින් 09 දෙනෙකු සංගීත සංදර්ශනයක් නරඹා පාගමනින් ආපසු පැමිණෙමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව සඳහන්.

සංගීත සංදර්ශනයේදී ඇතිවූ ආරවුලකින් අනතුරුව මෙම වෙඩිතැබීම සිදුව ඇති බවත් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් වාර්තා වූ අතර වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බවත් වාර්තා විය.

Related posts

Astronauts escape malfunctioning Soyuz rocket

Mohamed Dilsad

Retired Customs Inspector arrested with gold at BIA

Mohamed Dilsad

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment