දේශීය

නැවත දැනුම් දෙන තුරු නිදහස් වෙළඳ කලාපය වැසේ

(UTV|කොළඹ) – දිවයින පුරා පිහිටි සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබා දී තිබේ.

මේ අනුව ඇදිරි නීතිය හේතුවෙන් තවමත් බෝඩිං වල රැදී සිටින එම නිදහස් වෙළද කළාප වල සේවක සේවිකාවන් තම ගම්බිම් බලා යාමට නොහැකිව අසරණව සිටියි.

මේ නිසා හමුදාවේ සහ පොලිසියේ අධික්ෂණය යටතේ ඔවුන්ගේ ගම් බිම් වලට යැවීමේ වැඩ පිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා ආයෝජන මණ්ඩලයට අද (26) උපදෙස් දුන්නේය.

කටුනායක ආයෝජන මණ්ඩලයේදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ ආයෝජන මණ්ඩල ප්‍රධානීන් හා කටුනායක කර්මාන්ත ශාලා හිමිකරුවන්ගේ නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාවේදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව හෙට(27) පෙරවරුවේ සිට පොලීසිය සහ හමුදාවේ මැදිහත් වීමෙන් අදාල සේවක සේවිකාවන්ට ප්‍රවාහන පහසුකම් සලසන ලෙස ද ඇමතිවරයා උපදෙස් ලබා දී ඇත.

මෙම සේවක සේවිකාවන් ගම් බිම් බලා පිටත් කර හැරීමට පෙර ඔවුන් විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කිරීමටද නියමිතය.

Related posts

නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකුට ජනපති අතින් පත්වීම්

Mohamed Dilsad

එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් සිදුවූ ජල දූෂණය හා ජීවනෝපාය අහිමිවීම පිළිබඳ ගැටළු විසඳන ලෙස ධීවරයින් රජයෙන් ඉල්ලයි [වීඩියෝ]

Mohamed Dilsad

අටලුගමදී කළහකාරීව හැසිරුණු පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment