දේශීය

නැවත දැනුම් දෙන තුරු නිදහස් වෙළඳ කලාපය වැසේ

(UTV|කොළඹ) – දිවයින පුරා පිහිටි සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබා දී තිබේ.

මේ අනුව ඇදිරි නීතිය හේතුවෙන් තවමත් බෝඩිං වල රැදී සිටින එම නිදහස් වෙළද කළාප වල සේවක සේවිකාවන් තම ගම්බිම් බලා යාමට නොහැකිව අසරණව සිටියි.

මේ නිසා හමුදාවේ සහ පොලිසියේ අධික්ෂණය යටතේ ඔවුන්ගේ ගම් බිම් වලට යැවීමේ වැඩ පිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා ආයෝජන මණ්ඩලයට අද (26) උපදෙස් දුන්නේය.

කටුනායක ආයෝජන මණ්ඩලයේදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ ආයෝජන මණ්ඩල ප්‍රධානීන් හා කටුනායක කර්මාන්ත ශාලා හිමිකරුවන්ගේ නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාවේදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව හෙට(27) පෙරවරුවේ සිට පොලීසිය සහ හමුදාවේ මැදිහත් වීමෙන් අදාල සේවක සේවිකාවන්ට ප්‍රවාහන පහසුකම් සලසන ලෙස ද ඇමතිවරයා උපදෙස් ලබා දී ඇත.

මෙම සේවක සේවිකාවන් ගම් බිම් බලා පිටත් කර හැරීමට පෙර ඔවුන් විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කිරීමටද නියමිතය.

Related posts

නව කොවිඩ් ආසාදිතයින් 252ක්

Mohamed Dilsad

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

Editor O

බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් මෙරට ඇමතිවරුන් කළ ප්‍රකාශය OIC-IPHRC හෙළා දකී

Mohamed Dilsad

Leave a Comment